පළාත් මළල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ බාලක මීටර් 400 ඉසව්වේ තෙවන ස්ථානය ලබා ගනිමින් අප විද්‍යාලයේ ඉනූෂ දිසානායක ශිෂ්‍යයා සමස්ථ ලංකා වරම් හිමිකර ගත් බව සතුටින් දැනුම් දෙමු..මේ සදහා උපකාර කල විදුහල්පතිතුමා ඇතුලු සියලුම දෙනාටම ක්‍රීඩා අංශයේ අපගේ ස්තූතිය පුද කරමු..
උතුරු මැද පළාත් මළල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වේ පැවති තරග වාර්තාව බිදහෙලමින් නව තරග වාර්තාවක් සමග 4.64m දක්ෂතාවක් පෙන්නුම් කරමින් දෙවන ස්ථානය ලබා ගනිමින් අප විද්‍යාලයේ ඔවින්ද්යා වේවැල්කඩ ශිෂ්‍යාව සමස්ත ලංකා තරග සදහා වරම් හිමිකර ගත් බව සතුටින් දැනුම් දෙමු..මෙම ජයග්‍රහණය ලබා ගැනීම සදහා උදව් උපකාර කළ විදුහල්පතිතුමා ඇතුළු සියලුම දෙනාට ක්‍රීඩා අංශයේ අප සියලු දෙනාගෙ ස්තූතිය පුද කරමු 🙏

