පාසලේ පරිසර කමිටුවේ තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට අධික පිරිසක් සහභාගි කරගෙන "යොවුන් දේෂගුණික සංගමය" මගින් පාසලේ දී වැඩසටහනක් පැවැත්වීය.
.
කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ 09 ශ්‍රේණියේ තෝරාගත් ළමුන් 50 දෙනෙකු සහ වෙනත් අවට පාසල් වලින් පැමිණි ළමුන් 50 දෙනෙකු සම්බන්ධ කරගනිමින් 2023.09.09 සහ 2023.09.10 යන දෙදින තුළ "Youth Climate Association - Kebithigollewa" සංවිධානය හා "Good Neighbors International" ආයතනය එක්ව දෙදින කඳවුරක් පැවැත්විණි. මෙයට සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ "ශ්‍රී ලංකා යොවුන් ගවේෂන සංගමය" මඟිනි.
"Basic Science and Environment for Sustainable Living" යන නමින් මෙය ක්‍රියාත්මක විය. එහිදී ප්‍රදේශයේ පවතින ප්‍රධාන පාරිසරික ගැටළු සහ පරිසරය පිලිබඳ දේශන සහ බාහිර ක්‍රියාකාරකම් මෙන්ම රාත්‍රී ගිණිමැළ සන්දර්ශනයක්ද පැවැත්වීය.
ප්‍රධාන වශයෙන් අලි මිනිස් ගැටුම, ජෛව විවිධත්වය, ශ්‍රී ලංකාවේ පක්ෂීන් සහ සර්ප විශේෂයන් පිලිබඳ දේශන සහ සර්ප හැසිරවීමේ ක්‍රියාකාරකමක් සිසුන් සඳහා ලබා දෙන ලදි.







