සැනසුම දෙන මාතා
මැදි විදුහල් මාතා...//
රජරට නිජබිම කරගෙන වැජඹෙන
මැදි මහ විදුහල් මාතා...//
සැනසුම දෙන මාතා - මැදි විදුහල් මාතා
පෙර හෙළ විරු ගුණ වියතුන් නැණ ගුණ
වඩවඩාලා සිසු කැළ අතරේ
බැබලි බැබලි වැජඹේවා...//
සැනසුම දෙන මාතා
මැදි විදුහල් මාතා
සැම දන තුඩ තුඩ රැව් දී පැතිරෙන
අමරණීය කිතු ගොස අතරේ...//
සැනසි සැනසි සැරදේවා...//
කැබිතිගොල්ලෑවේ මැදි විදුහල් මාතා...//