විදුහල්පති පණිවිඩය
කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය
උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑව කලාපයේ පිහිටි අප පාසලේ 6 -13 වසර දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2000 කට අධික පිරිසක් අධ්‍යාපනය හදාරනු ලැබේ. සෑම වසරකම අ.පො.ස (උසස් පෙළ) සමත්ව විශාල සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන අප පාසලේ 2021 අ.පො.ස (උසස් පෙළ) ප්‍රතිඵල වලට අනුව ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා මුළු දිවයිනෙන්ම දෙවන ස්ථානය ලබා ගත් සිසුවා මෙන්ම ඉංජිනේරු තාක්ෂණ විෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ඇතුළු රටට වැඩදායී දක්ෂ සිසුන් පිරිසක් බිහි කරන අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් ලෙස අප පාසල සැලකේ.
"උතුරු මැද පළාතේ දරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නොමැත" යන තේමා පාඨය ඔස්සේ පිය නඟන මාවතේ හෙට ලොව දිනන දරුවන් පිරිසක් බිහි කිරීමට අවශ්‍ය ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම අප පාසලේ ප්‍රධාන අභිමථාර්තය වන අතර ඒ වෙනුවෙන් මා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරුන් මෙන්ම පාසලේ සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය හැකි උපරිම දායකත්වය අප පාසලේ සියලුම දරුවන් වෙත ලබා දීමට බැඳී සිටින්නෙමු.
විදුහල්පති,
කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය
