- විදුහල ආරම්භයේදී පෙ.ව. 7.25 ට පෙර සිසුන් තමන්ගේ පන්ති කාමර පිරිසිදු කර අවසන් කළ යුතුය.
- පෙ.ව. 7.25 ට සීනුව නාද වූ වහාම පේළි වශයෙන් රැස්වීමට යා යුතුය. ප්‍රමාද සෑම අයෙක්ම පන්ති කාමර වලට ඇතුළත් නොවී තමා සිටි තැනම නැවතී පන්සිල් ගෙන රැස්වීමට යා යුතුය.
- විදුහලේ නිල ඇඳුම නියමිත ලෙස සකස් විය යුතු අතර කොණ්ඩා නිසි ලෙස පිරීමත් ගැහැණු ළමුන් සුදු සපත්තු හා පිරිමි ළමුන් කළු සපත්තු පැළඳීමත් කළ යුතුය.
- සෑම පන්තියකටම සෑම විෂයකටම පැවරුම් ගොනුවක් තිබිය යුතු අතර ගුරු භවතා නොපැමිණි අවස්ථාවන්හිදී පැවරුම් ක්‍රියාත්මක කිරීම විෂය නායකයාගේ වගකීම වේ.
- පන්ති කාමරයත් පන්තියට අදාල වත්තේ කොටසත් පවිත්‍රව අලංකාරව තබා ගැනීම හා රැක ගැනීම පන්තියේ වගකීම වේ.
- ගුරුභවතුන්ගේ නම සහිත කාලසටහනත්, පවිත්‍රතා ලේඛනයත් සෑම පන්තියකම ප්රශර්ශනය විය යුතුය.
- විෂයානුබද්ධ හෝ විෂය බාහිර කටයුත්තකට පන්තියෙන් බැහැරව යන සෑම විටම නිශ්ශබ්දව පේළියට යා යුතුය. විවේකයේදී හැර වෙනත් මොනම අවස්ථාවකදීවත් පන්තියෙන් පිටත නොසිටිය යුතුය.
- විදුහලට ඇතුලත්වීමෙන් පසුව විදුහල අවසාන වන තෙක් විදුහල් භූමියෙන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම්ය. විදුහලෙන් පිටවීමට දෙමව්පිය ලිපියක් ප්‍රමාණවත් නොවන අතර ඊට දෙමව්පිය කෙනෙකුගේ පැමිණීම අත්‍යාවශ්‍ය වේ.
- දින 40 ඉක්මවූ දීර්ඝ නොපැමිණීම විදුහලේ නාම ලේඛනයෙක් නම ඉවත් වීමට හේතු වේ.
- විදුහල තුලදී මෙන්ම විදුහලෙන් පිටතදීත් විදුහලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතු අතර විශේෂයෙන් පොදු වාහනවලදීත් පොදු නැවතුම්පලවලදීත් සම්වරශීලීව හැසිරිය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි