වසර 30 ත්‍රස්තවාදී උවදුරු වලට අඛණ්ඩව ගොදුරුවෙමින් ක්‍රමානුකුලව වර්ධනය වී ප්‍රදේශයේ අධ්‍යාපනයේ හදවත බවට පත්වෙමින් සිසුන් 2000 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන අද වන විට ජාතික පාසලක් බවට පත් වීමට හිමිකම් කියනු ලබන අ/කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය 1902 මාර්තු මස 02 වන දින පොල් අතු සෙවිලි කරන ලද කුඩා තාවකාලික ගොඩනැගිල්ලක පුලින්දුවා ගුරුන්නාන්සේ නම් අදුරුතුමෙකු යටතේ ගුරු භවතුන් දෙදෙනෙකු හා සිසුන් 18 දෙනෙකු සම්බන්ධ කරගෙන ආරම්භ කර ඇත. එහි ඉතිහාසය හා සම්බන්ධව ගත් කල ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ වුවද නොසැලී අහිංසක දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීමට විදුහල්පතිවරුන් 30 දෙනෙකු යටතේ ආරම්භයේ සිට මේ දක්වා කටයුතු කර තිබේ.එමෙන්ම පාසල තුලින් බිහිවූ ශිෂ්‍යයන් අද වන විට ශ්‍රී ලංකාවේ විවිධ වූ ක්ෂේත්රයන් යටතේ කැපී පෙනෙන පුරවැසියන් බවට පත් වී සිටි.