en English si සිංහල ta தமிழ்

1st Aid Team

ආරෝග්‍යා පරමා ලාභා නිරෝගිකම උතුම්ම සම්පතයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාලේ නිරෝගිකමෙහ් අගය උන්වහන්සේ අපටත් වඩා අවබෝධ කරගත් හෙයිනි.සියලු දෙනාටම නිරෝගිකම යන තේමා පාඨය මූලික කරගනිමින් ආරම්භ කරනු ලැබූ අප පාසලේ ප්‍රථමාධාර ඒකකය විශේශ ප්‍රථමාධාර පුහුණුවක් සහිත සිසුන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබයි.
ගුඩ් නේර්බස් ආයතනය මීට අවුරුදු කිහිපයකට කලින් පැවැත් වූ විශේශ වැඩසටහනක් මූලිකත්වයට ගෙන මෙම ප්‍රථමාධාර ඒකකය ආරම්භ වුනි.එක් එක් කාර්යන් සදහා විශේශ වූ පුහුනුවන් ලබාගෙන ඇති අප කණ්ඩායමේ සිසුන් තමාගෙන් ප්‍රතිකාර ලබන සියලු දෙනාටම කාරුණිකව උපස්ථාන කරනු ලබයි.